මෙරටට ආ ඉන්ධන තොග බෙදෙන විදිය ගැන බලශක්ති ඇමතිගෙන් දැනුම්දීමක්..!

Sri Lanka Kanchana Wijesekera Sri Lanka Fuel Crisis National Fuel Pass
By Sewvandhi Jul 18, 2022 12:19 PM GMT
Report

ඩීසල් නෞකා 2කින් රැගෙන ආ ඉන්ධන තොග මේ වනවිට ගොඩබාමින් තිබෙන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ. ඒ අනුව එම ඉන්ධන තොග හෙට දිනයේ සිට දුම්රිය සහ ඉන්ධන බවුසර් රථ මාර්ගයෙන් රටපුරා ඉන්ධන පිරවුම්හල් වෙත බෙදාහැරීමට නියමිත බව ඔහු පැවසීය.

එසේම තවත් ඉන්ධන නෞකාවකින් ගෙන ආ ඩීසල් තොගයක් ගොඩබෑමට නියමිතව ඇත. මේ අතර පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35000ක නෞකාවක් තත්ත්ව පරීක්ෂාවට භාජනය කරමින් ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

එම කටයුතු අවසන් වූ පසුව අදාළ නෞකාවේ ඉන්ධන ගොඩබෑමේ කටයුතුද බොහෝදුරට හෙට දිනයේ ආරම්භ කෙරෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now