ඇමති කංචන CIDයට
CID - Sri Lanka Police
Sri Lanka
Minister of Energy and Power
Kanchana Wijesekera
By Sithumi
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ. ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් ඔහු ඒ බව පැවසීය.
ඉන් ඔහු ඉල්ලා ඇත්තේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජතෙල් තොග පර්යන්ත සමාගමේ කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසය.
විශේෂයෙන් ඉන්ධන මිලදී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලිය, ටෙන්ඩර් ඇගයීම, ඇණවුම් නිසිපරිදි නොකිරීම, සැපයුම්කරුවන් තෝරාගැනීමේ ක්‍රමවේදය, ගෙවීම් ප්‍රමාදය, බෙදාහැරීමේ ගැටලු, සහ විවිධ පුද්ගලයින් ඉහත කරුණු සම්බන්ධයෙන් කර ඇති චෝදනා සම්බන්ධයෙන් සොයාබලන ලෙස අමාත්‍යවරයා සිය පැමිණිල්ලෙන් ඉල්ලා තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
