මහජන මුදලින් නඩත්තු කරන වත්කම්වලට වගකියන්න - ආරක්ෂක ලේකම්වරයා සිදුකළ විශේෂ ප්‍රකාශයක්..

Kamala Ranathunga Sri Lanka
By krishani Jul 24, 2022 01:48 AM GMT
Report

රජය විසින් ආදායමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් රටේ ආරක්‍ෂාව සඳහා වෙන් කරන, සංවර්ධනය වෙමින් පවතින රටක් වන නිසා පවතින ආර්ථික හා දේශපාලන අර්බුද මධ්‍යයේ වුවත් මහජන මුදලින් නඩත්තු වන සම්පත්වලට වගවීම සියලු දෙනාගේ වගකීම බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා  පවසා සිටියි.

ඒ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ නාවික හමුදා නව නිලධාරීන් අධිකාරියට පත්කිරීමේ උත්සවයකට සහභාගි වෙමින් සිය අදහස් දක්වමින් ය.

කෙසේවෙතත්  තම වෘත්තීය තුල වඩා ඉහළට ළඟා වන තරමට වඩාත් වගකීමෙන් කටයුතු කිරීමට සූදානම් විය යුතු බව ඔහු  වැඩිදුරටත්  ප්‍රකාශ කළේ ය.