මියගිය, කළුතර සිසුවිය සිටි ලැඟුම්හලේ ප්‍රමිතිය සොයයි..

Sri Lanka Police Kalutara Sri Lanka
By krishani May 11, 2023 05:16 PM GMT
Report

කළුතර පාසල් සිසුවිය මියයාමේ සිද්ධියට සම්බන්ධ ලැඟුම්හල නියමිත ප්‍රමිතියට ඉදිකර තිබේ ද යන්න සොයා බැලීමට නාගරික සංවර්ධන අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය සඳහන් කළේ, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඊට අදාළ නියෝගය එම අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කාර්යාලයට ලබා දී ඇති බව ය.

එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, එම ගොඩනැගිල්ල නිසි ප්‍රමිතියකින් තොරව සහ අනවසරයෙන් ඉදිකර ඇති බවට තහවුරු වුවහොත් එහි හිමිකරුට එරෙහිව නීතිමය පියවර ගන්නා බව යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join