කළුතර පාසල් සිසුවියගේ මරණය ගැන ළමා ආරක්ෂණ අධිකාරියෙන් නිවේදනයක්.

Kalutara Sri Lanka Sri Lanka Police Investigation Child Abuse
By Sithumi May 08, 2023 10:11 AM GMT
Report

පසුගියදා අභිරහස් ලෙස මියගොස් සිටි කළුතර පාසල් සිසුවියගේ මෘත ශරීරය අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විවෘත තීන්දුවක් ලබා දී ඇත.

 ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය උදයකුමාර අමරසිංහ මහතා සඳහන් කළේ,දැරියගේ ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇති බවයි.

  ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, මියගිය දැරියට යම් ලිංගික අපයෝජනයක් සිදුව ඇති බවට සැක කළ හැකි සාධක පවතින බවයි.

"මෙය ඉතාම බරපතළ තත්ත්වයක්. මෙවැනි සිදුවීම්වලින් අනතුරුව නීතිය බලාත්මක කිරීම තුළින් පමණක් දරුවන්ගේ සුරක්ෂිතතාවය තහවුරු වෙන්නේ නෑ. දෙමාපියන්ට, භාරකරුවන්ට සහ ඥාතීන්ට විශාල වගකීමක් තියෙනවා මේ නව යෞවන වයසේ පසුවෙන දරුවන්ගේ ආරක්ෂාව සලසා දීමට. විශේෂයෙන්ම තරුණ දියණිවරු ඉන්න දෙමාපියන්,

භාරකරුවන් තරුණ දරුවන් සිටින දෙමාපියන් විශේෂයෙන්ම තමන්ගේ දරුවන් සම්බන්ධතා පවත්වන්නේ කවර ආකාරයක අය සමඟ ද? ඔවුන් යන එන අය ගැන කල්පනාවෙන් හිටියොත් මෙවැනි ඛේදජනක සිදුවීම් වළක්වා ගන්න පුළුවන්."

යම් අපයෝජනයක් සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් ඔබ ළඟ තිබේ නම් ළඟම තිබෙන පොලිස් ස්ථානයට හැකි ඉක්මනින් වාර්තා කළ හැකි බවත් 119 හදිසි පොලිස් ඇමතුම් අංකයට ඇමතුමක් ලබා දීමෙන් ද ඒ පිළිබඳ තොරතුරු ලබාදිය හැකි බව උදයකුමාර අමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම ජාතික ළමාරක්ෂක අධිකාරියේ පැය 24 පුරා ක්‍රියාත්මක 1929 දුරකථන අංකයට ද සත්‍ය තොරතුරු වෙතොත් දැනුම් දිය හැකි බව පැවසු ඒ මහතා, දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සියලුදෙනා එක්ව සහයෝගය ලබාදෙන ලෙස ද ඉල්ලා සිටී.