"..මගේ කාමරේ පැය 24ම බණ ප්‍රචාරය වෙනවා...නමුත් මම තවම රහත් වෙලා නැහැ.." - ගායන ශිල්පිනී කේ සුජීවා..(PHOTOS)

Sri Lanka Gossip Today
By Sewvandhi Jan 16, 2023 04:00 PM GMT
Report

2023 අලුත් අවුරුද්ද වසර උදා වීමත් සමඟම සමාජ මාධ්‍ය ඔඉස්සේ අතිශයින්ම කතා බහට ලක්වුණු චරිතයක් තමයි කේ සුජීවා කියලා කියන්නේ. මොකද 31 රෑ සංගිත සංදර්ශනයකට යමින් සිටි ඇයට සහ ඇගේ පවුලේ අයට මුහුණදීමට සිදුවූ සිදුවීම නිසයි. ඉතින් මේ ගැන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ සිදුවීමත් සමඟ එක රැයකින් ඇය ගැන හැම තැනකම කතා කරන්න පටන් ගත්තා කියලයි ඇය කියන්නේ. ඒ නිසාම ඇය අපේ රටේ හැම චැනල් එකකම නිවුස්වල හිට්යා වගේම අන්තර්ජාලයේ කේ. අකුර ටයිප් කළ සැනින් කේ. සුජීවා කියල ඇය ගැන විස්තර කියවෙන තරමට ඇයගේ නම ප්‍රසිද්ධ වුණා කියලත් ඇය කියනවා.

ඉතින් ඇය ඇයගේ දරුවො දෙන්නට අම්මයි තාත්තයි වෙලා ජීවත්වෙන කාන්තාවක් නිසා කවුරු හරි තමන්ගේ දරුවන්ට පරුෂ වචනයෙන් බණිද්දි සාමන්‍ය මනුස්සයෙක් ඒ දේට ප්‍රතිචාර දක්වන විදිහට තමයිලු ඇයත් හැසිරුණේ. ඒ වගේම එම සිදුවීම වෙන අවස්ථාවෙ සංගීත සංදර්ශනයකට යන්න හොඳින් හැඳ පැළඳගෙන ගමන් කරමින් තමයි ඇය හිටිය නිසා ඇයට කිසිම කෙනෙක් එකක් ගැටුමක් ඇතිකර ගන්න වුවමනාවක් තිබුණේ නැහැ කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ සිදුවීමෙදි ඔවුන් සාමකාමී ලෙස ඒ සිදුවීම නිරාකරණය කරගන්න ඉදිරිපත් වුණා නම් කිසිසේත් ඇය කලබල වෙන්නෙ නැහැ කියලත් සුජීවා කියනවා.

ඒ වගේම කෙනෙක් තමන්ට ගහන්න පනිද්දි කරන්න තියෙන්නෙ එක්කො පැනලා දුවන එක, නැතිනම් එයින් බේරෙන්න උත්සාහ කරන එක ගැන ඇය බීමතින් හෝ ඇඳුම් අඩුවෙන් ඇඳගෙන හරි නිරුවතින් හරි ගිහින් එතන බැණ වදිමින් හැසිරුණා නම් ඇය ලැජ්ජා වෙන්න ඕනෑ කියලයි සුජීවා නම් කියන්නේ. ඉතින් ඔය සිදුවීම් දකිමින් නරඹමින් තුටු පහටු වෙන අය එක් මොහොකත හරි හිතුවා නම් තමන්ට මේ වගේ දේකට මුහුණ දෙන්න වුණා නම් තමන් මොන විදිහටද හැසිරෙන්නෙ කියලා ඔය විදිහට චෝදනා කරන්නෙ නැහැ කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇය සිල් ගන්නවා, බණ අහනවා කියලා ඇය රහත් වෙලා නැහැ කියලත් ඇය කියනවා. ඉතින් ඇයට හෝ ඇයගේ දරුවන්ට කවුරුහරි හිංසාවක් අපහාසයක් කරදරයක් කරද්දි ඒක ඇයට දැනුන නිසා ඇයත් හැසිරුණේ අනිත් මනුස්සයො වගේ තමයි කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය හැම පෝයකටම ඇය දායකත්වය දරණ විහාරස්ථානයට දාන දෙනවාලු. නමුත් ඇය පන්සල් ගිහින් සිල් ගන්නෙ නැහැ කියලත් ඇය කියනවා. ඉතින් ඇයට සිල් ගන්න ඕන නම් ඇයගේ ගෙදර බොහොම අපූරුවට නිමවා තිබෙන ධාතුන් වහන්සේලා වැඩමවා තිබෙන බුදු කුටියක් තියෙන නිසා ඇයට හිතුණම ඇයගේ ගෙදර බුදු කුටියට වෙලා සිල් සමාදන් වෙනවා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇයගේ තාත්තා හින්දු, අම්මා කතෝලික නිසා ඒ දෙන්නටම වුවමනා වුණාලු ඔවුන්ගේ ආගම්වලට ඇයව ගන්න. ඉතින් දරුවන්ට කිසිම ආගමකට බැඳෙන්න කියලා බල කරන්නෙ හොඳ නැහැ කියලත් ඇය කියනවා. ඒත් ඇයගේ කාමරේ පැය විසි හතරේම රේඩියෝවේ බණ ප්‍රචාරය වෙනවා කියලයි ඇය කියන්නේ. ඉතින් ඇයගේ දරුවොත් ඒ බණ ශ්‍රවණය කරනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ. (උපුටාගැනීමක්)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



GalleryGalleryGalleryGalleryGallery