ඇමෙරිකානු තානාපතිනිය සහ නව ජනපති රනිල් අතර විශේෂ හමුවක්..!

Ranil Wickremesinghe Sri Lanka United States of America Julie Chung
By Sewvandhi Jul 27, 2022 11:16 AM GMT
Report

අමෙරිකාවේ මෙරට තානාපති ජූලි චංග් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ අද(27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී යි.

එම හමුවෙන් අනතුරුව ඒ පිළිබඳ තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු තානාපතිවරිය පවසන්නේ,

"අද ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපතිතුමා හමුවුණා. එතුමා වැඩ භාරගන්නේ ශ්‍රී ලංකාවේ සන්ධිස්ථානීය මොහොතකයි. ආර්ථික හා දේශපාලන අර්බුදකාරී අවස්ථාවට රට පැමිණි ආකාරයත්, රට නැවත දීප්තිමත් අනාගතයක් කරා ගමන් කිරීමට එක්ව කටයුතු කරන්නේ කෙසේ ද යන්නත් පිළිබඳව අපි සාකච්ඡා කළා." යනුවෙන්.

(තානාපතිවරිය විසින් නිකුත් කළ ට්විටර් පණිවිඩය පහතින්)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery