ජූලි චන්ග් ලංකාව ගැන කණගාටුවෙන් කළ ප්‍රකාශය..
United States of America
Julie Chung
By Sewvandhi
මෙරට අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය සඳහන් කළේ, ග්‍රන්ථයක් එළිදැක්වීම හරහා මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සිදුකර ඇති චෝදනාවන් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවයි.
තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කර ඇත.
වැඩිදුරටත් අදහස් දක්වමින් තානාපතිනිය පවසන්නේ "ප්‍රබන්ධ යැයි සැළකිය යුතු ග්‍රන්ථයක්" හරහා පදනම් විරහිත චෝදනා එල්ලකරමින් අසත්‍ය පතුරුවාහැරීම සම්බන්ධයෙන් තමන් කනගාටුවට පත්වන බවය.
එසේම අමෙරිකාව වසර 75ක ඉතිහාසය පුරා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, ස්වෛරීභාවය සහ සමෘද්ධිය වෙනුවෙන් කළ කැපකිරීම් මෙන්ම ඉදිරියටද පවතවාගෙන යන බව සිය ට්විටර් පණිවුඩයෙන් ඇය වැඩිදුරටත් පවසා තිබේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |