ජූලි චන්ග්ගෙන් ප්‍රතිත්‍රස්ත පනත ගැන සැර කතාවක්..

Sri Lanka United States of America Julie Chung
By Sewvandhi Apr 20, 2023 10:10 AM GMT
Report

අද (20) කොළඹ දී ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ අතර හමුවක්  පවත්වා තිබේ.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් චන්ග් මහත්මිය ඒ බව පැවසුවාය.ඇය පවසන්නේ එහිදී ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතේ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවය.

"ජාත්‍යන්තර ප්‍රමිතියෙන් තොර ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතේ කරුණු සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. එම පනත් කෙටුම්පතේ කරුණු සම්බන්ධයෙන් ජනතාව අතර සහ පාර්ලිමේන්තුව තුළ පුළුල් අදහස් හුවමාරුවක් අවශ්‍ය බව පැවසුවා.."

ඇය පෙන්වා දෙන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ හෝ රැස්වීමේ නිදහස සීමා නොකර සිවිල් සමාජය, අධ්‍යාපනවේදීන් මෙන්ම මන්ත්‍රීවරුන්ගේ වැනි සියලුදෙනාගේ හඬට ඇහුම්කන් දී මෙම නව නීතිය ත්‍රස්තවාදයට එරෙහි සටනේ ඵලදායී මෙවලමක් කරගත යුතුබවය .


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now