ජෝසෆ් ස්ටාලින් වෙනුවෙන් ගත් විශේෂ පියවර ගැන සමන් රත්නප්‍රිය හෙළිකරයි
අගෝස්තු තුන් වැනි දා අත් අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින්ට පොලිස් ඇප ලබා දීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැ යි ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසනවා.
ඔහු සඳහන් කළේ, තමන් මැදිහත් වී එම පියවර ගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම්වත් කර ඇති බවත් ය.
ජෝසෆ් ස්ටාලින්ට මේ මොහොතේ පොලිස් ඇප ලබා දී වරදක් සිදු වී ඇති නම් අධිකරණය වෙත ඉදිපත් කර, ඒ මාර්ගයෙන් දඬුවම් දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බලධාරීන් දැනුවත් කළ බව ද ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර යි.
ස්ටාලින් වෙනුවෙන් ඕනෑ ම අවස්ථාවක ජනාධිපතිවරයා ඉදිරියේ පෙනී සිටින බව ද ඔහු අවධාරණය කරනවා. කොළඹ කොටුව ගුරු මැදුරට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් විසිනු යි ඊයේ (03) පස්වරුවේ ස්ටාලින් අත්අඩංගුවට ගනු ලැබුවේ.
ඉකුත් මැයි 28 වැනි දින අධිකරණ නියෝග නො තකා උද්ඝෝෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ස්ටාලින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |