ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ සතොස නඩුවට අධිකරණය දුන් නියෝගය..
Colombo
Johnston Fernando
Sri Lanka Politician
Sri Lanka
Sri Lanka Magistrate Court
By krishani
සතොස සේවකයින් සහ ඔවුන්ගේ සේවකයන් රාජකාරී කටයුතුවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීමේ චෝදනාව එල්ල වී සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (19) නියම කළේ ය.
කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්යේ ය.
ඒ අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් විසින් අධිකරණය අභියස මූලික විරෝධතා මතුකළ හේතුවෙන් ය.
මෙම මූලික විරෝධතාවය පිළිගත් විනිසුරු හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයකු වන මොහොමඩ් සාකීර් යන අය නිදහස් කරන ලෙස නියෝග කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |