මට පිළිකාවක්..! සියල්ලන් පුදුම කළ ලෝක බලවතාගේ ප්‍රකාශය..

Cancer Skin Cancer United States of America
By Sithumi Jul 21, 2022 11:02 AM GMT
Report

තමන් පිළිකා රෝගියකු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින් මහත් ආන්දෝලනයක් හටගෙන තිබේ. බයිඩන් මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය කළේ, අතහැර දැමුණු ගල් අගුරු පතල් කම්හලක කළ සංචාරය කරමින්, මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

බයිඩන් එම ප්‍රකාශය කරන වීඩියෝ දසුන් ඔහුගේ ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් විය. ප්‍රකාශය දුටු බොහෝ දෙනා බයිඩන්ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කිරීමට ද කටයුතු කර තිබුණි. තෙල් පිරිපහදු සහ ගල් අගුරු කම්හල් මගින් පරිසරයට විෂ නිකුත් වන බවත්, ඒවා ශරීරයට අහිතකර බවත් රැස්ව සිටි පිරිසට බයිඩන් පෙන්වා දුන්නේය.

තමන් ද පිළිකා රෝගියකු බව ජනාධිපති බයිඩන් අනාවරණය කළේ එම අවස්ථාවේදීය. එම ප්‍රකාශයත් සමඟ බයිඩන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් මාධ්‍යවේදීහු ප්‍රශ්න කිරීමට පටන් ගත්හ.

ඒ අනුව, ධවල මන්දිරය වහා ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළේය. ධවල මන්දිරය පැහැදිලි කරමින් කියා සිටියේ ජනාධිපති ධුරයට පත් වීමට පෙර, බයිඩන්ට චර්ම පිළිකාවක් තිබුණු බවත්, ඔහු ජනාධිපති ධුරයට ඉදිරිපත් වී ජයග්‍රහණය කළේ එම පිළිකාවට නිසි ලෙස ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව බවත්ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now