රැකියාවකට ඔස්ට්‍රේලියා යන්න ඉන්න අයට සුබ ආරංචියක්..උපාදියක් නැතුවත් කරන්න පුළුවන් විශාල වැටුපක් හිමිවන රැකියා රැසක්..

Sithumini
in வேலை வாய்ப்புReport this article
ඔස්ට්‍රේලියාව කියන්නේ ලංකාවෙත් බොහෝ දෙනෙකු මේ
වන වොට පදිංචිය සදහා යන රටවල් අතරින් ඉහළම
තියෙන රටක්.
ඔස්ට්‍රේලියාවේ මේ වන විට උපාදියක් නැතුවත් ලබා ගත හැකි රැකියා අවස්ථා කිහිපයක් පිළිබවදව එරට ආයතන හෙළි කර තිබෙනවා.
සමීක්ෂණ වාර්තා අනුව මෙම රැකියා අනාවරණ වී ඇති බවයි වාර්තා වන්නේ. මෙම රැකියා සදහා ඉහළ ඉල්ලුමක්ද පවතිනවා.
මෙහි පළමු රැකියාව වන්නේ ඉදිකිරීම් කළමණාකරුවන් වන අතර ඔවුන්ට වාර්ෂිකව ඩොලර් 190,000 සිට 210,000 දක්වා වැටුපක් හිමිවනවා.
එමෙන්ම වැඩබිම් කළමණාකරුද එලෙස ඉහළ වැටුපක් හිමිවන රැකියාවක්.ඔවුන්ගේ වාර්ෂික වැටුප ඩොලර් 130,000කට අධිකයි.
ඔස්ට්‍රේලියාවේ වැඩිම වැටුපක් හිමිවන තුන්වන ස්ථානයේ පසුවන වෘත්තිය වන්නේ පතල් කම්කරු වෘත්තියයි.එය එරය ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන කර්මාන්තයක් වෙනවා.ඔවුන්ට වාර්ෂිකව ඩොලර් 120,000කට වැඩි වැටුපක් හිමිවනවා
එමෙන්ම එලෙසම ඉහළ වැටුපක් හිමි කරගැනීමට බොයොලේරු කර්මාන්ත කරුවන්ට හැකිවන අතර ඔවුන්ගේ වාර්ෂික වැටුප ඩොලර් 115,000කට අධික වන බව සදහන්.
එමෙන්ම විදුලි කාර්මික, වෑල්ඩින් කාර්මික, සහ ජල කලමණාකරණ ආදි රැකියාවලටද ඔස්‍ට්‍රේකියාවේ ඉහළ වෑටුපක් හිමිවන අතර එම රැකියා සදහාද උපාදියක් අවශ්‍ය නොවන බවයි වාර්තා වන්නේ.