නොමිලේ ලබා දෙන තුර්කියේ රැකියා සම්මුඛ පරීක්ෂණයේ ඇත්ත නැත්ත මෙන්න. (VIDEO)
නොමිලේ තුර්කියේ රැකියා ලබා දෙන බවට සමාජ මාධ්‍ය තුළ පළ වූ ව්‍යාජ දැන්වීමක් හේතුවෙන් පුද්ගලයින් 1,000කට ආසන්න පිරිසක් ඊයේ (25) කොළඹට පැමිණ තිබෙනවා.
එම රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණය සංවිධානය කර ඇත්තේ, රැකියා නියෝජිතායතනයක් විසින් කොළඹ, ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේයි.
එමෙන්ම එහිදී රැකියා අවස්ථා 200ක් සඳහා අපේක්ෂකයින් තෝරා ගැනීම සඳහා එම සම්මුඛ පරීක්ෂණය සංවිධානය කර ඇති අතර ඒ සඳහා යම් මුදලක් අය කිරීමට ද නියමිතව තිබූ බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, යම් පුද්ගලයකු සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යවන සුළු තොරතුරු ලබා දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
එම අවස්ථාවේ පැමිණි පිරිස අතර උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇති අතර තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසියට සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයට දැනුම් දීමට එම නියෝජිතායතනය පියවර ගෙන තිබෙනවා.
පසුව සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකින් අනතුරුව සමාජ මාධ්‍ය ඔස්සේ අදාළ ව්‍යාජ තොරතුරු බෙදා හැරි තැනැත්තා බවට සැක කෙරෙන පුද්ගලයෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Desperation?
— Azzam Ameen (@AzzamAmeen) January 25, 2023
Nearly 1000 individuals had travelled to Colombo from across Sri Lanka today after a fake social media post was circulated on free jobs offered in Turkey. The Police had to be deployed to control the situation which turned violent. pic.twitter.com/ZIRNL4Mybn
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |