ජේඑන්. 1 ලොව ප්‍රධානම කොරෝනා ප්‍රභේදය බවට පත්වෙයි. - පරිස්සමෙන්. මේ අය දැඩි අවදානම් තත්වයක.

COVID-19 World Health Organization Ministry of Health Sri Lanka
By Wayomi Dec 25, 2023 11:45 AM GMT
Report

යළි මේ දිනවල ලොව පුරා රටවල ශීඝ්‍රයෙන් පැතිර යන ‘ජේඑන්.1’ කොරෝනා වෛරස් උප ප්‍රභේදය අවදානම් වන වයස් කාණ්ඩයක් ගැන අනාවරණය වී තිබෙනවා.

ඒ, අනුව මෙය වයස අවුරුදු 60 ඉක්මවූ අවදානම් සහිත රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන අයට, ගැබිනි මවුවරුන්ට හා ළදරුවන්ගේ ජීවිතවලට තර්ජනයක් විය හැකි බව ඉන්දීය වෛද්‍ය විද්‍යාවන් පිළිබද ආයතනයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය රන්දීප් ගුලේරියා පවසනවා.

ඔහු පවසන්නේ, ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදයේ උප ප්‍රභේදයක් වන ජේඑන්-.1 පැතිර යන වේගය අනුව එය ලොව ප්‍රධානතම කොරෝනා ප්‍රභේදය බවට පත් වන ලකුණු පෙන්නුම් කරන බවයි.

ජේඑන්. 1 ලොව ප්‍රධානම කොරෝනා ප්‍රභේදය බවට පත්වෙයි. - පරිස්සමෙන්. මේ අය දැඩි අවදානම් තත්වයක. | Jn 1 The World S Main Strain Of Corona

ඉන් ආරක්ෂා වීම හා පැතිරීම වැළැක්වීම සඳහා යළිත් මහජනතාව ගැවසෙන ස්ථානවලට යෑමේදී මුහුණු ආවරණයක් පැළඳීම, කහින විට හා කිවිසුම් යවන විට ලේන්සුවකින් හෝ වැලමිටින් ආවරණය කිරීම, පිටතට ගොස් පැමිණි පසු දෑත් හොඳින් පිරිසිදු කිරීම යන ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුයි.

ජේඑන්.1 උප වෛරස් ප්‍රභේදය ඉන්දියාව, සිංගප්පූරුව, ඇමරිකා එක්සත් ජනපදය, එංගලන්තය ඇතුළු රටවල් ගණනාවක සිඝ්‍රයෙන් පැතිර යන බව වාර්තා වෙනවා.