බෝම්බ බියක් නිසා හදිසියේ ගොඩ බැස්සූ ගුවන් යානය

Japan
By Sewvandhi Jan 07, 2023 01:58 PM GMT
Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ , ජපානයේ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා යොදවා තිබූ ජෙට්ස්ටාර් නම් ගුවන් සේවයට අයත් යානයක් බෝම්බ බියක් හේතුවෙන් හදිසි ගොඩබෑමකට ලක් කර ඇති බවයි.

මෙම යානය නරිටා ගුවන් තොටුපළෙන් ගමන් ආරම්භ කර ටික වේලාවකට පසු විදෙස් රටක පුද්ගලයකු නරිටා ගුවන් තොටුපළ වෙත ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ, ඔහු එම යානයට බෝම්බයක් දැමූ බවය.

ඒ සමඟම වහාම ක්‍රියාත්මක වූ බලධාරීන් පියවර ගෙන ඇත්තේ නරිටා සිට ෆුකුඕකා බලා පියාසර කරමින් තිබූ යානය වහාම ශුබූ ගුවන්තොටුපළ වෙත හරහා යැවීමටයි.

යානය එහි ගොඩ බස්වා එහි සිටි මගීන් ඉන් ඉවත් කර පරීක්ෂා කළද කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් හමුව නොමැති බවයි වාර්තා වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now