දේවගැති ජෙරම් ඔන්ලයින් ඇවිත් ප්‍රකාශයක් තබයි..

Facebook Sri Lanka Sri Lanka Social Media Meta
By krishani May 22, 2023 01:46 AM GMT
Report

තමන් සිදුකළ ප්‍රකාශයකින් බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහෝදර ජනතාවගේ සිත් රිඳවීමක් සිදුවී ඇත්නම් ඊට සමාව ඉල්ලන බව ජෙරොම් ප්‍රනාන්දු සඳහන් කළේ ය.

ඒ ඊයේ (21) පස්වරුවේ මිරිහාන ප්‍රදේශයේ උත්සවශාලාවක පැවති ආගමික දේශනයකට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් ය.

ඔහු කළ ප්‍රකාශයකට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ එය රට තුළ දැඩි කථාබහට ලක් විය.

එම අදාළ ප්‍රකාශය මගින් බුදුන් වහන්සේට සහ අනෙකුත් ආගමික විශ්වාසයන්ට නිගරුවන බවට විවිධ පාර්ශව චෝදනා එල්ල විය.

එම ප්‍රකාශය පිළිබඳ මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ද පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ඔහුට විදෙස් ගමන් තහනමක්ද අධිකරණය විසින් පනවා ඇති අතර වත්කම් සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

කෙසේවෙතත්, වැඩිදුරටත් ඔහු කියා සිටියේ, තමන් මෙරටට පැමිණෙන බවත් ඊට අදාළව තම නීතිඥවරුන් ඉදිරි කටයුතු සිදුකරමින් සිටින බවත් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join