සුප්‍රසිද්ධ ගායිකාවක් හිතාමතාම කොවිඩ් බෝ කරගනී..! ඇය පැවසූ ආන්දෝලනාත්මක හේතුව මෙන්න..

COVID-19 China
By Sewvandhi Dec 22, 2022 06:43 AM GMT
Report

තමන් හිතාමතාම ‘කොවිඞ් 19’ හෙවත් කොරෝනා වයිරසය ආසාදනය කරගත් බව ජනප්‍රිය චීන ගායිකා ජේන් සෙන්ග් පවසා ඇත. ජේන් සෙන්ග්, සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ මෙසේ පැවැසීමත් සමඟ මහත් ආන්දෝලනතයක් ද නිර්මාණය විය.

තමන් හිතාමතා ‘කොවිඞ් 19’ ආසාදිතයකු බවට වූයේ, දැන දැනම ගොස් ‘කොවිඞ් 19’ ආසාදිත තම මිතුරන් පිරිසක් හමුවීමෙන් බව ද ජේන් සෙන්ග් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ පවසා තිබේ. මේ වනවිට චීනයේ ඉතා වේගයෙන් ‘කොවිඞ් 19’ වයිරසය පැතිර යයි.

දිනකට ආසාදිතයන් 40,000 ක් පමණ වාර්තා වන බව චීන සෞඛ්‍ය අංශ පවසා තිබේ. ජේන් සෙන්ග්, නව වසර උදාව සමරමින්, මහා සංගීත ප්‍රසංගයකට සහභාගී වීමට නියමිතව සිටී.

සංගීත ප්‍රසංගය පැවැත්වෙන දා තමන්ට ‘කොවිඞ් 19’ ආසාදනය වුවහොත්, එය සංගීත සංදර්ශනයට බාධාවක් බැවින්, ඊට පෙර තමන් කැමැත්තෙන්ම වයිරස ආසාදිතයකු වූ බවත් සංගීත සංදර්ශනය පැවැත්වෙද්දී තමන්ට සුවය ලැබීමට කල්වේලා ඇති බවත් ජේන් සෙන්ග් පැහැදිලි කර තිබේ.

ආන්දෝලනයට හේතුවක් වී ඇත්තේ ජේන් සෙන්ග් කළ මෙම පැහැදිලි කිරීමය. මේ වනවිට තමන් හුදෙකලා වී සිටින බවත්, ඇති තරම් ජලය පානය කරන බවත් විටමින් සී නියමිත මාත්‍රා ලබා ගන්නා බවත් සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ජේන් සෙන්ග් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ. (රොයිටර්)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now