ජාතික ජන බලවේගය 08 දෙනෙක්ගෙන් මෙහෙයුමක් අරඹයි..එම 08 දෙනා මෙන්න.(PHOTO)
සැප්තැම්බර් 21 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පිළිබඳ අද නිල නිවේදනයෙන් පසුව ජාතික ජන බලවේගය (NPP) මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් දියත් කර ඇති බව වාර්තා වනවා.
NPP විසින් හිටපු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත අට දෙනෙකුගෙන් යුත් මෙහෙයුම් කමිටුවක් මෙලෙස නම් කර ඇති බවයි පැවසෙන්නේ.
එම කමිටුව පහතින් දැක්වේ,
මේ අතර, 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා ඇප මුදල් තැන්පත් කර තිබෙන බව වාර්තා වනවා.
අද (26) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණි ඔහු විසින් රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ බවයි වාර්තා වන්නේ.
මේ අතර, 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන ස්වාධීන අපේක්ෂකයෙකු ද මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව වාර්තා වනවා.
එලෙස ඉදිරි ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බව වාර්තා වන්නේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කීර්තිරත්න මහතා ය.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%