වැලන්ටයින් නිසා මෙරට ප්‍රධාන සරසවියක ගැටුමක්.. අද උදෑසන සිදු වූ දේ මෙන්න..

Sri Lanka
By Aruna Feb 15, 2023 02:56 AM GMT
Report

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් අද අලූයම හටගත් බව පොලීසිය සඳහන් කරනවා.

ශ‍්‍රාස්ත‍්‍ර පීඨයේ සහ කළමනාකාර පීඨයේ සිසුන් දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ දිනට යෙදී තිබූ වැලන්ටයින් දිනයට අදාළව ඉදිකළ තොරණක් සම්බන්ධයෙන් මතභේදයක් මත මෙම ගැටුම ඇතිවී තිබෙන බවටයි වාර්තා වන්නේ.

පොලිසිය මැදිහත්ව සිසුන් පිරිස විසුරුවා හැර තිබේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now