ජපන් යන්න ඉන්න ලාංකිකයින්ට සුබම සුබ ආරංචියක්...

Manusha Nanayakkara Sri Lanka Japan Sri Lanka Relationship
By Aruna Apr 14, 2023 07:45 AM GMT
Report

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම, මානව සම්පත් සංවර්ධනය, ජපන් ආයෝජන ලංකාවට ගෙන්වා ගැනීම සහ සංචාරක ප්‍රවර්ධනය සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා රජය සහ ජපානයේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික සමූහයක් වන පැසෝනා සමූහය එළඹ තිබෙනවා.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ජපන් නිල සංචාරය අතරවාරයේදී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබා ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය සහ පැසෝනා සමූහය අතර මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කර ඇත.

මෙම අවබෝධතා ගිවිසුමට අනුව රැකියා අවස්ථා සදහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් බදවාගැනීමට අපේක්ෂිත ජපන් ආයතනවලට අවශ්‍ය ස්ථානීය බදවා ගැනීම් සදහා පැසෝනා සමූහය සිය සහාය ලබාදෙයි.

ඊට අමතරව ජපානයේ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින්ට රැකියා අවස්ථා ලබාගැනීම සදහා අවශ්‍ය සහාය ලබාදීමට පැසෝනා සමූහය කටයුතු කරනු ලබයි.

මෙම අවභෝධතා ගිවිසුම අනුව ජපන් ආයෝජකයින් ආකර්ශනය කරගැනීම සදහා පැසෝනා සමූහය විසින් ආයෝජන සම්මන්ත්‍රණ සහ ආයෝජන උපදේශන පැවැත්වීමට ද නියමිතව තිබේ.

ඒ අතරම සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සදහා සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු වෘත්තිකයින්ගේ කුසලතා සහ පුහුණුව වැඩි දියුණු කිරීම සදහා වන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත්, ජපන් සංචාරකයින් ලංකාවට ගෙන්වා ගැනීම සදහා වන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටත් නියමිතයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now