ජපන් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට සුබ පණිවුඩයක්

Japan Sri Lanka Relationship Japan
By Sithumi Apr 09, 2023 10:26 AM GMT
Report

මෙරට ශ්‍රමිකයින්ට ඉහළ ආදායම් ලබාගත හැකි වැඩි රැකියා සංඛ්‍යාවක් ලබාගැනීමට සහ ජපාන රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජපාන රජය සමඟ ද්වි පාර්ශවික එකගතාවකට පැමිණ තිබෙනවා. 

 එම අමාත්‍යාංශය සඳහන් කළේ ජපානයේ නිල සංචාරයක නිතරවන කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, එරට ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රිකයින් හා රැකියා සඳහා බඳවා ගනු ලබන ආයතනවල ප්‍රධානීන් හමුවු අවස්ථාවේ එම එකඟතාවන්ට පැමිණ ඇති බවයි. 

 සාත්තු සේවක අංශයේ ශ්‍රමිකයින් බඳවා ගැනීම සඳහා වන විභාග පවත්වන දින ගණන හා මධ්‍යස්ථාන ගණන ඉහළ නැංවීමෙන් වැඩි ශ්‍රමිකයින් පිරිසකට ජපාන රැකියා අවස්ථා ප්‍රමාණයක් විවෘත කරගැනීමට හැකියාව ලැබෙන බව අමාත්‍යවරයා එහිදි පෙන්වාදී ඇති බව සඳහන් වනවා. 

 ඒ අනුව රැකියා අපේක්ෂිතයින්ට එම විභාගවලට පෙනී සිටීමට අවස්ථාව ලබාදීම සඳහා ජපාන කම්කරු අමාත්‍යවරයා සිය එකඟතාව පළ කර තිබෙනවා.