නොමිලේ ජපානේ යන්න සුපිරි අවස්ථාවක්..!

Manusha Nanayakkara Japan Sri Lanka Relationship Japan
By Sewvandhi Feb 17, 2023 11:07 AM GMT
Report

ජපානයේ රැකියා සඳහා හැකිතාක් නොමිලේ ශ්‍රි ලාංකිකයින් බඳවාගන්නා ලෙස අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ජපානයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ජපානයට පුහුණු ශ්‍රමිකයන් පිටත් කර යැවීම සඳහා වන ද්විපාර්ශ්වීය අවබෝධතා ගිවිසුමකට අද (17) අත්සන් කරමින් ඔහු මේ බව කියා සිටියා.

අදාළ ගිවිසුම හරහා පුහුණු ශ්‍රමිකයන් වැඩි වශයෙන් ජපානයට යැවීම සදහා කටයුතු කිරීමට නියමිතයි එමෙන්ම ඔවුන්ගේ සුරක්ෂිතාවය තහවුරු කිරීම සඳහා ජපන් රජය සමග සමීපව කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා

මීට අමතරව ඉදිරියේදී විදේශ රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයන් පමණක් පිටත් කර යැවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා පැවසුවා.


    සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now