ජපානයෙන් මෙරටට ලැබුණු විශේෂ ප්‍රදානය

Keheliya Rambukwella Sri Lanka Japan Sri Lanka Relationship Japan
By Sewvandhi Oct 28, 2022 03:45 PM GMT
Report

ජපානයේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා වන වැඩසටහන යටතේ ජපානය රුපියල් බිලියන 1.76 ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් මෙරටට පරිත්‍යාග කර තිබේ.

මෙම වෛද්‍ය උපකරණ අතරට CT ස්කෑන් යන්ත්‍රයක් , MRI ස්කෑන් යන්ත්‍රයක් , එන්ජියෝග්‍රැෆි යන්ත්‍ර දෙකක් හා බහු පරාමිති මොනිටර් 09 ක් ද ඇතුළත් වේ.

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකොෂි හිදෙකි මහතා විසින් කොළඹ ජාතික රෝහල් නව බාහිර රෝගී ගොඩනැගිලි පරිශ්‍රයේදී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට මෙම පරිත්‍යාගයන් ලබාදී තිබේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now