ජනකගේ හිස්වූ පුටුව කාටද..?

Parliament of Sri Lanka Mahinda Yapa Abeywardena Sri Lanka
By Sewvandhi May 25, 2023 03:36 AM GMT
Report

ඊයේ දිනයේ වැඩි ඡන්දයෙන් ධූරයෙන් ඉවත් කර පුරප්පාඩු වී ඇති මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධුරය සඳහා නව සභාපතිවරයෙකු තෝරා ගැනීම ව්‍යවස්ථා සභාව මඟින් සිදුකිරීමට නියමිතව ඇත.

ඊයේ (24) පාර්ලිමේන්තුවේදී මහජන උපයෝගීතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීමට අදාළ යෝජනාව සම්මත වුණි. යෝජනාවට පක්ෂව ඡන්ද 123ක් ලැබුණු අතර විපක්ෂව හිමිවූයේ ඡන්ද 77ක් පමණයි.

ඒ අනුව ඔහු එම ධුරයෙන් ඉවත්වීම සිදුවන අතර මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ධූරය මේ වනවිට පුරප්පාඩු වී ඇති අතර එම සභාපති ධූරය සදහා පුද්ගලයෙකු තෝරා ගැනීම සිදුකළ යුතු වන්නේ ව්‍යවස්ථා සභාව මගිනි.

එමෙන්ම, මේ වන විටත් ස්වාධීන කොමිෂන් සභා බොහෝමයකට නව සාමාජිකයින් පත් කර ඇති අතර මැතිවරණ සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව සඳහා සාමාජිකයින් පත් කිරීම තාවකාලිකව නතර කර තිබේ.

මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයින් පත් කිරීම සිදුනොකළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බැවින් ඒ සඳහා සාමාජිකයින් පත් කිරීම ප්‍රමාද කිරීමට තිරණය කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය. 

 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභා පනත සංශෝධනය කිරීමට නියමිත බැවින් ඒ සඳහා ද සාමාජිකයින් පත් කිරීම තාවකාලිකව කල්දමා තිබේ.

කෙසේවෙතත් මානව හිමිකම් කොමිෂන් සභාව සඳහා සාමාජිකයින් පත් කිරීම පිළිබඳව ව්‍යවස්ථා සභාව යළි රැස්වන දිනයේදී අවධානය යොමු කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now