2024 ජනාධිපතිවරණයට මහජන උපයෝගීතා කොමිසමේ සභාපති එයි..
2024 ජනාධිපතිවරණය සදහා තමන් ඉදිරිපත් වන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ගුවන් විදුලි නාලිකාවකට පළමුවරට අනාවරණ කර තිබේ. ඔහු කියා සිටියේ වසර 75ක් මෙරට පැවති අර්බුදකාරි ආර්ථික තත්ත්වය මැඩලීම සදහා සුසමාදර්ෂය මත පදනම්වු ක්‍රමවේදයක් මත ආර්ථිකය උඩු යටිකුරු කරන ප්‍රතිපත්ති මාලාවක් තමන් විසින් ඉදිරිපත් කරන බවයි.
ඒ අනුව තමන් නිර්පාක්ශික අපේක්ෂකයෙකු ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි ඔහු පවසා ඇත්තේ.
ජනතාවට කැපවීමෙන් සේවය කල හැකි ඕනෑම කණ්ඩායමකට තමන් සමග එකතු විය හැකි බව ද මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා මෙහිදී සඳහන් කළා.
තමන් 2024 ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට තීරණය කළේ, මෙරට ආගමික නායකයින්, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, වෘත්තියවේදින් හා මහජනතාවගෙන් ලැබුණු ඉල්ලීම් හේතුවෙන් බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |