සජිත් ප්‍රේමදාසගේ බිරිඳ චමුදිතගෙන් රුපියල් බිලියනයක් ඉල්ලයි..හේතුව මෙන්න..

Youtube Sajith Premadasa Sri Lanka
By Sewvandhi May 20, 2023 09:29 AM GMT
Report

යූටියුබ් ඔස්සේ විකාශය කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මියට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශ සිදු වී ඇති බව පවසමින් ඇයගේ උපදෙස් මත නීතිඥවරයෙකු විසින් ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට එන්තරවාසියක් යොමුකර තිබෙනවා.

කීර්ති රත්නායක නම් පුද්ගලයෙකු සමග සම්මුඛ සාකච්ඡාවක් සිදු කර යූටියුබ් වෙත එක් කර ඇති අදාළ වීඩියෝවේ දැක්වෙන ප්‍රකාශ මගින් තම සේවාදායිකාවගේ කීර්ති නාමයට හානි වී ඇති බවටයි අදාළ එන්තරවාසියේ දැක්වෙන්නේ.

එබැවින් වහාම අදාළ වීඩියෝව ඉවත් කර ගන්නා ලෙසට දැනුම් දී ඇති අතර එසේ නොකරන්නේ නම් රුපියල් බිලියනයක මුදලක් දින 14ක් ඇතුලත ගෙවන ලෙසට චමුදිත සමරවික්‍රම මහතාට යොමු කළ එන්තරවාසිය මගින් අවධාරණය කර ඇත. 

 මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටීමට හෝ එලෙස කටයුතු කිරීමට අපොහොසත් වන්නේ නම් අපරාධමය සහ සිවිල් යන දෙඅංශයෙන්ම නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවටයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


GalleryGallery