කාටත් හොරා ඇවිත්, සියදිවි නසාගත් පෙම්වතියගේ දේහයට තැල්ල බැන්ද පෙම්වතා - මෙරටින් ඇසෙන සංවේදී පුවත..

Jaffna Sri Lanka
By Sewvandhi Jan 02, 2023 11:22 AM GMT
Report

යාපනයේ තරුණියක් විසින්, ප්‍රේම සම්බන්ධයකට දෙමාපියන් බලවත් ලෙස විරුද්ධ වීම නිසා ගෙල වැලලාගෙන මිය යාමේ පුවතක් වාර්තා වනවා.

එහිදී ඇගේ පෙම්වතා තරුණියගේ නිවෙසට හොර හොර රහසේ පැමිණ විවාහයේදී ගෙළ පළදවන රත්තරන් තාලි කොඩියක් බැඳ තිබෙනවා.

වසර දෙකක පමණ කාලයක් මේ දෙදෙනා පෙමින් වෙලී සිටි අතර ඊට තරුණියගේ දෙමව්පියන් විරුද්ධ වීම නිසා විවාහයට බාධා එල්ල වී ඇත.

නව වසරට පෙර මේ දෙදෙනා යාපනය නගරයේදී හමු වී අවන්හලකින් දිවා ආහර ලබා ගැනීමේ සිද්ධියක් තරුණියගේ දෙමව්පියන්ට සැලවීමෙන් පසුව ඒ ගැන දැඩි ලෙස කිපුණු දෙමව්පියෝ ඇයට පහර දී තරවටු කොට තිබේ.

සිත් තැවුලට පත් තරුණිය සිය දිවි හානි කර ගැනීමෙන් පසුව නිවසට පැමිණි තරුණයා තරුණියගේ මළ සිරුරේ ගෙලට තාලි කොඩියක් බැද නිවසින් පිටව ගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now