කප්පම් නඩුවකට බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් හට සිදු වූ දේ..

India
By krishani Aug 17, 2022 08:13 AM GMT
Report

ඉන්දීය රුපියල් කෝටි 200ක දැවැන්ත කප්පම් ගැනීමේ චෝදනාවට ලක් වූ කොන්මන් සුකේෂ් චන්ද්‍රසේකර්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය කිරීමේ නඩුවේ චූදිතයකු ලෙස බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් නම් කර තිබේ.

ඒ අදාළ චෝදනාව ලැබ සිටින සුකේෂ් චන්ද්‍රසේකර් විසින් නිලි ජැකලින් ෆර්නැන්ඩස් වෙත ඉන්දීය රුපියල් කෝටි 5.71ක වටිනාකමකින් යුත් විවිධ තෑගි බෝග ලබා දී ඇති බව කියමිනුයි ඇයව මෙම කප්පම් නඩුවේ චූදිතයෙක් ලෙස නම් කර තිබෙන්නේ.

මීට පෙර ද ඇයගෙන් තමාට අයත් වත්කම් පිළිබඳව ප්‍රශ්න කර තිබුණ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාල විමර්ශනය කරන බලාත්මක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මීට අදාළ පුද්ගලයින් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සුකේෂ් චන්ද්‍රසේකර් සහ ඔහුගේ බිරිඳ ලීනා මාරියා පෝල් ද ඊට ඇතුළත් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join