ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන ආකාරය ගැන දැනුම්දීමක්..
අද අලුයම අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා (12) සිදුකිරීමට නියමිත බව වාර්තා වනවා.
ඒ අනුව බ්‍රහස්පතින්දා සවස 03.00ට රාගම ශුද්ධවූ පේදුරු හා පාවුළු දේවස්ථානයේ දී අවසන් කටයුතු සිදුකිරීමට නියමිත බවයි පවුලේ ඥාතීන් දැනුම් දෙනු ලැබුවේ.
එමෙන්ම ඔහුගේ දේහය කලාකරුවන්ට සහ මහජන ගෞරවය සඳහා හෙට(10) පෙරවරු 09.00 සිට රාත්‍රී 11.00 දක්වා බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කිරීමට නියමිතයි.
ඉන් අනතුරුව අංක 57, වනිගසූරිය වත්ත, රාගම පාර, කඩවත යන ඔහු පදිංචි ලිපිනයේ තැන්පත් කරන බව ද පවුලේ ඥාතීන් වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර, ජැක්සන් ඇන්තනී කලාකරුවානන්ගේ දේහය මේ වනවිට කොළඹ පොලිස් මෘත ශරීරාගාරයට රැගෙන විත් එහි තැන්පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෘත දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මෙහි දී සිදුකිරීමෙන් පසු දේහය ඥාතීන් වෙත භාරදීමට නියමිතව ඇත.
