ජැක්සන් ඇන්තනි මහතා ගැන පළවන පුවත ගැන, සත්‍ය අසත්‍යතාවය සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයන්ගෙන් විශේෂ ප්‍රකාශයක්
Sri Lanka
Sri Lankan Actor
Jackson Anthony
By Sewvandhi
ප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනී මියගිය බවට සමාජ මාධ්‍ය තුළ පළවන පුවත අසත්‍යයක් බව ජැක්සන් ඇන්තනීගේ දියණිය සහ පුතණුවන් පවසනවා.
ඔවුන් තම ෆේස්බුක් ගිණුමෙ සටහනක් තබමින් එම පුවත්වල අසත්‍යතාව තහවුරු කර තිබුණා.
ප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනී ඉකුත් ජූලි 02 වැනි දා රූගත කිරීමකට ගොස් එන අතරතුර, අනුරාධපුර, තලාව, මොරගොඩ ප්‍රදේශයේ දී , ඔහු ගමන් ගත් කැබ් රථය වන අලියෙකුගේ ගැටී අනතුරකට ලක් වූ අතර, අනුරාධපුර රෝහලට ඇතුලත් කර තිබුණා.
අනතුරුව කොළඹ ජාතික රෝහල වෙත ඔහුව මාරු කර එවූ අතර සැත්කමකින් පසුව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා. අනතුරින් ඔහු සමග ගමන් ගත් තවත් දෙදෙනෙකුට බරපතල තුවාල සිදු වුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |

