ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාට පැය 7ක සැත්කමක්

Sri Lanka Colombo National Hospital Sri Lankan Actor Accident
By Sithumi Jul 04, 2022 12:29 PM GMT
Report

 (ඩයනා උදයංගනී) අනුරාධපුරයේදී අනතුරකට ලක්වූ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී මහතාට කොළඹ ජාතික රෝහලේ දී අද (4) පැය 7ක ශල්‍යකර්මයක් සිදුකෙරිණි.

සිදුවූ අනතුරින් ඔහුගේ ගෙලෙහි අස්ථිවලට හා ඉල ඇට හානි සිදුව ඇති බවත් ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය. ශල්‍යකර්මයෙන් පසු ඔහු රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය. 

 චිත්‍රපටයක රූගත කිරීමකට අනුරාධපුරය ප්‍රදේශයට ගොස් සිටි ජැක්සන් ඇන්තනී මහතාගමන් ගත් කැබ් රථයෙහි වන අලියෙකු ගැටී ඇති අතර, පසුව එම අලියා කැබ් රථය මතට ඇද වැටීමෙන් ඉකුත් සෙනසුරාදා (2) මෙම අනතුර සිදුවිය.

අනතුරින් ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු එහි ගමන් ගත් තිදෙනෙක් තුවාල ලැබූ අතර ඔවුන් මුලින්ම අනුරාධපුර රෝහලට ඇතුළත් කරනු ලැබිණි. පසුව ජැක්සන් ඇන්තනී මහතා ඊයේ (3) දිනයේදී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now