"..තමන්ගේ නායකයා ආවම එයාලට කඩේ යන්නේ ඇයි.." ලංකාවට ඇත්තටම මොකද වුණේ..රනිල් ජනපති වුණේ කොහොමද..? ප්‍රබලයෙකු සිදුකරන විශේෂ හෙළිදරව්ව..(VIDEO)

Ranil Wickremesinghe Sri Lanka Economic Crisis Sri Lanka Sri Lankan political crisis Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Jul 24, 2022 12:35 PM GMT
Report

වත්මන් ශ්‍රී ලංකාවේ දේශපාලනික මෙන්ම ආර්ථික අර්බුදය ගැන ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු වන ජේ ශ්‍රී රංගා මහතා විසින් විශේෂ පැහැදිලි කිරීමක් සිදුකර තිබුණා. එහිදී එතුමා වත්මන් ජනපති පත්වීම, අරගලය මෙන්ම ජනතාවගේ මතය පිළිබඳව සියල්ලන් දැනගතයුතුම කරුණු කාරණා රැසක් ඉදිරිපත් කරනු ලැබුවා .

එහිදී එතුමා සඳහන් කළේ ජන මතය කුමක් වුවත් පාර්ලිමේන්තුව තුලදී එම මතයට ගරු කිරීමක් හෝ සලකා බැලීමක් සිදු නොවන බවයි.එනම් නව ජනපති පත්වීමේදී මෙය විශේෂයෙන් ම පිළිබිඹු වූ බව එතුමා සඳහන් කරනවා.

 එනම් මිලියන 6 ක ජනතාවගේ කැමැත්ත ලැබුණු ගෝඨාභය රාජපක්ෂ ඉවත්වී 2/3 ක බලය හිමි වූ මහින්ද රාජපක්ෂ ඉවත්වී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආ රනිල් වික්‍රමසිංහ නව ජනපති වීම පාර්ලිමේන්තුව තුළ ජනමතයට ඉඩක් නොමැති බව තහවුරු වීමක් බවයි.

මේ අතර එතුමා තවදුරටත් සඳහන් කළේ අරගලයකට නායකත්වයක් නොමැති බවයි.එනම් විවිධ පක්ෂ වලින් ජනතාව එක්රැස්ව සිටියත් ඔවුන්ට අවශ්‍යව තිබුනේ තමා ඉදිරිපත්වන පක්ෂය ඉදිරියට ගෙනඒම බවයි. එනම් එතුමා සඳහන් කළේ රට වෙනුවෙන්ම පෙනී සිටින සුළු පිරිසක් ඇරෙන්න අනෙක් සියලුම පිරිස් තම පක්ෂය ඉදිරියට ගෙන ඒමට කටයුතු කළ බවයි.

වත්මන් ශ්‍රී ලංකාව මෙවැනි තත්ත්වයකට ඇද වැටීමට හේතුව එතුමා තවදුරටත් පැහැදිලි කළා.එතුමාගේ සම්පූර්ණ කතාව පහතින්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now