පූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර හිමිගෙන් විශේෂ ප්‍රකාශයක්
රට ගොඩනැගීම වෙනුවෙන් ජනපතිගේ උත්සාහයට සියලු ජනතාව සහය දිය යුතු බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහ නායක අති පූජ්‍ය ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමියෝ පවසති. ඊයේ (06) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ උන්වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අති පූජ්‍ය ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමියන් මේ බව පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පස්වරුවේ රුක්මලේ ධර්මවිජයාලෝක මහා විහාරය වෙත පැමිණියේය. එහිදී ආගමික වතාවත්වල නිරත වු ජනාධිපතිවරයා පසුව විහාරාධිපති, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක අති පූජ්‍ය ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමියන් මුණගැසී ආශිර්වාද ලබාගත්තේය. ජනාධිපතිවරයා පිටව යාමෙන් පසු අති පූජ්‍ය අචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමියන් මෙලෙස අදහස් පළ කළේය.
"ජනතාව කියන්න තියෙන්නේ, පොදුවේ සියලුදෙනා එකතුවෙලා රට ගොඩනැගීමට දියහැකි උපරිම සහාය දෙන ලෙසත්, ජනාධිපතිතුමා ගන්න උත්සාහයට සාමුහිකව සියලුදෙනා එකතුවෙලා රටේ අනාගතය වෙනුවෙන් කටයුතු කරන හැටියටත් කියන මේ කාරණා. පොදුවේ මේ වේලාවේ සියලු දේශපාලන පක්ෂවල නායකයින්ට වගකීමක් තියෙනවා එකට එකතුවෙලා රටේ අනාගතය සඳහා කටයුතු කිරීමට. මම හිතනවා ජනාධිපතිතුමා සමග ඒ උත්සාහ දරන්න ඕනේ, සියලුදෙනාම. එතකොට මේ වසර අවසානය වනවිට සන්තෝෂ වෙන්න පුළුවන්කම ලැබෙයි. ඒ වගේම හිටපු ජනාධිපතිතුමන් මේ ලංකාවට කරපු කිසිම හානියක් නෑ. එතුමා මේ රටේ ශ්‍රේෂ්ඨ නායකයෙක්. එතුමාට දියහැකි උපරිම සහාය දෙන්න ඕනේ සියලුදෙනා එකට එක්ව කිසිදු විරෝධයක් නැතිව."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |