අම්මි රට යනකොට මට අවුරුදු 1 හමාරයි, එයාට වයස 19 දි මාව හම්බවෙලා තියෙන්නේ (PHOTOS)

Gossip Today SL Actress Gossips
By Sithumi Jan 22, 2023 05:55 PM GMT
Report

මේ දිනවල ඉතාම ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘කියා දෙන්න ආදරේ තරම්’ ටෙලිනාට්‍යයේ සමන්දිනි විදියට කාගේත් ආදරය ලබා ගන්න ඇය නමින් ඉෂංකා අබේසේකර. ඉෂංකා කියනවාට වඩා මේ දිනවල ඇයව ගොඩක් දෙනෙක් දන්නේ සමන්දිනී විදියටයි. ඉතින් ඒ වගේ ජනප්‍රිය චරිතයක් වෙලා ඉන්න ඉෂංකා පොඩි කාලයේ ඉදලම කලා ක්ශේෂ්ත්‍රයට හිතවත්කමක් දක්වනවා.  

කොහොමින් කොහොමහරි තාත්තයි ආච්චියි සහ පුංචි එක්ක හැදෙන ඉෂංකා තාත්තත් එක්ක පුදුම ලෙංගතු කමකින් ජීවත් වුණේ. ඇය එතරම්ම තාත්තට ලං වුණේ පොඩි කාලේ ඉදලම ඇයගේ අම්මා වුනේ තාත්තා නිසා. ඉතින් ඒ ගැන ඉෂංකා කිව්වේ මේ වගේ අදහසක්. ‘ මම භාහිර රූපෙන් අම්ම වගේ. නමුත් මම කැමති මම තාත්තා වගේ කියනවට. මට අවුරුදු එක හමාරෙදි අම්මා රට ගියා. අම්මට මාව හම්බවෙලා තියෙන්නේ වයස අවුරුශු 19 දි.  

මම පොඩි කාලේ ඉදලා හැදුනේ තාත්තයි ආච්චි අම්මයි පුංචියි එක්ක. තාත්තා මාව මලක් වගේ හැදුවෙ. මම ඉස්සර පන්ති එක්කන් ගිහින් පන්තියට දාලා ඉවරවෙනකම් ඉදලා මාව ගෙදර එක්කන් එනවා. හරියට අම්මෙක් වගේ. මම අම්මට වඩා ගොඩක්ම ළග තාත්තට.  

අද මට තාත්තට සලකන්න පුලුවන් කමක් තියෙද්දිත් මම ලග තාත්තා නැති නිසා මට හිතෙනවා මොකටද මට කොච්චර තිබ්බත් කියලා. ” ඉතින් මේ විදියටයි ඉෂංකා අබේසේකර ඇගේ අදහස් දක්වලා තිබුනේ. ඉතින් ඇගේ ඉදිරි ජීවිතයට අපිත් හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.