බුත්තල, වැල්ලවාය ප්‍රදේශවල භූ කම්පන වෙනත් ප්‍රදේශයක භූ කම්පන නිසා ඇතිවූවක් නොවන බවට අනාවරණක්

By Sithumi Feb 13, 2023 04:25 PM GMT
Report

 පසුගිය දින කිහිපය තුළ බුත්තල සහ වැල්ලවාය ප්‍රදේශවලින් වාර්තා වූ භූ කම්පන එම ප්‍රදේශවලම ඇති වූ භූ කම්පන තත්ත්වයක් බව භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශය පවසනවා. 

   බුත්තල හා වැල්ලවාය ප්‍රදේශවල සිදුවූ භූ කම්පන ඉන්දු - ඔස්ටේ්‍රලියානු තල මායිමේ ඇති වූ භූ කම්පනයක ප්‍රතිඵලයක් ලෙස ඇති වූ බවට ඇතමුන් සිදුකරන ප්‍රකාශ පිළිගත නොහැකි බවයි එහි වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් ජානක අජිත්ප්‍රේම පැවසුවේ.

ඉන්දියානු සාගර ප්‍රදේශයේ ඇති වූ භූ කම්පනයක ප්‍රතිඵලයක් ලෙස බුත්තල, වැල්ලවාය ප්‍රදේශවල භූ කම්පන සිදුවූයේ නම් විනාඩි 7 ක් වැනි කෙටි කාලයක් තුළ එම භූ කම්පන සිදුවිය යුතු බවයි භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශයේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.