iPhone රසිකයින්ට සතුටු හිතෙන අලුත් බලාපොරොත්තුවක් - මොකක්ද කියලා දන්නව ද?.

iPhone Apple Technology Latest Headlines Decision Making
By krishani Feb 26, 2024 05:50 PM GMT
Report

Apple iPhone මාදිලියේ iPhone Operating Systemහි නවතම සංස්කරණය එළිදැක්වීමට නියමිතයි.

iPhone රසිකයින්ට සතුටු හිතෙන අලුත් බලාපොරොත්තුවක් - මොකක්ද කියලා දන්නව ද?. | Ios 18 On Iphone Model Iphone Operating System

ඒ iOS 18 ය.

එය ජුනි මාසයේ දී පැවැත්වෙන WWDC 2024 Event එක හරහා එළි දැක්වීමට නියමිත‍ බව සඳහන් වේ.

එමෙන්ම, iPhone රසිකයින් බලාපොරොත්තු වි සිටින මෙම iOS 18හි Public beta සංස්කරණය ජුලි මාසයේදී පමණ නිකුත් වෙනු ඇති බවට වාර්තා වේ.

ඒ අනුව මෙවර නිකුත් වීමට නියමිත iOS 18හි Official Release එක සැප්තැම්බර් තුන්වන හෝ හතරවන සතියේ පමණ සිදු වනු ඇතැයි බලාපොරොත්තු වේ.

මෙම සංස්කරණයත් සමඟ iPhones සඳහා නව විශේෂාංගයන් රැසක් ලැබෙයි.

iPhone රසිකයින්ට සතුටු හිතෙන අලුත් බලාපොරොත්තුවක් - මොකක්ද කියලා දන්නව ද?. | Ios 18 On Iphone Model Iphone Operating System

ඒ AI improvements, New Messages features, Siri updates සහ RCS support ආදියයි.

මේ අතර වාර්තා වන්නේ  iPhone XR, iPhone XS සහ iPhone XS Max සඳහා මෙම සංස්කරණයේ හිමි නොවනු ඇති බවයි.

කෙසේ වෙතත්, iOS 18 සංස්කරණයේ සහාය හිමි වීමට නියමිත iPhones ලැයිස්තුව වන්නේ,

- iPhone SE 2nd Gen

- iPhone SE 3rd Gen

- iPhone 11 Series

- iPhone 12 Series

- iPhone 13 Series

- iPhone 14 Series

- iPhone 15 Series

- iPhone 16 Series