සමාජ මාධ්‍ය ඔස්සේ මන්ත්‍රීවරුන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ගත් පියවර..
Sri Lanka Politician
Sri Lanka
By krishani
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළකෙරෙන දැන්වීම් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසය පවසයි.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් විවිධාකාරයේ දැන්වීම් සමාජ මාධ්‍ය ඔස්සේ පළකරන බවට නිරීක්ෂණය වී ඇති අතර එවැනි දැන්වීම් පළකරන පුද්ගලයින් හා ඒවා සකස්කරන, බෙදාහරින, සංසරණය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි පොලිස් මූලස්ථානය විශේෂ අවධානය යොමුකර ඇත.
එවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක වන පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පොලිස් මූලස්ථානය මගින් මේ වන විට උපදෙස් ලබාදී ඇති බව පොලීසිය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |