හෙට දිනයේ සමාජ මාධ්‍ය සහ දුරකථන සේවා අවහිර කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්..!

Sri Lankan protests Sri Lanka Sri Lanka Social Media
By Sewvandhi Jul 08, 2022 03:45 PM GMT
Report

 හෙට (09) උදෑසන 6.00 සිට නැවත දැනුම් දෙන තුරු දුරකථන සේවාව හඬ සන්නිවේදනයට සීමා කරන ලෙස TRCSL විසින් දුරකථන සේවා සපයන්නන්ට නියෝග කර ඇති බවට පළවන ලිපියේ කිසිදු සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති ජයන්ත ද සිල්වා මහතා පවසයි.

විමසීමකදී ඔහු අවධාරණය කළේ සන්නිවේදන කටයුතු කිසිඳු ආකාරයකින් සීමා කරමින් TRCSL එවැනි ලිපියක් නිකුත් කර නොමැති බවයි.

ද සිල්වා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාද මේ පිළිබඳව විමසා සිටි බවත්, තමාට පැහැදිලි කළ යුතු බවයි. කිසිදු ආකාරයකින් සමාජ මාධ්‍ය ජාල අවහිර නොකරන බව TRCSL සභාපතිවරයා අවධාරණය කළේය.

එම ව්‍යාජ ලිපිය පහතින්...

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery