කඳුළු ගෑස් ප්‍රහාරයෙන් ජිවිතයක් අහිමි වෙයි..? - වසන්තගෙන් විශේෂ ප්‍රකාශයක්..පාසල් සිසුන්ටත් කඳුළු ගෑස් - (VIDEO)

Sri Lankan protests Sri Lanka Inter University Students Federation Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Mar 08, 2023 02:27 PM GMT
Report

 ඊයේ (7) කොළඹදී පැවැත්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාව අතරතුර එල්ලකළ කඳුළු ගෑස් ප්‍රහාරය හේතුවෙන් කොළඹ සරසවියේ අභ්‍යන්තර ආරක්ෂක අංශයේ සේවකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසයි.

අද(80 පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.

මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ද, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඊයේ කොළඹදී පැවැත්වූ විරෝධතාවට පොලීසිය පහරදීම සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයට කැරලි මර්දන ඒකක නිලධාරීන් ඇතුළුවීමට විරෝධය පළකරමින් කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට අද විරෝධතාවයක නිරත වුණි.

ඊයේ පැවති විරෝධතාවයට පොලීසිය පහරදීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද මාධ්‍ය සාකච්ඡාවලදී විරෝධය පළ කළේය.

මේ අතර ඊයේ පැවති විරෝධතාව අතරතුර කොළඹ විශ්වවිද්‍යාල නීති පීඨ පරිශ්‍රයට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වීම සම්බන්ධයෙන් නීති පීඨ සිසුන් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

එසේම අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඊයේ කොළඹදී පැවැත්වූ විරෝධතාවට පොලිසිය කළ පහරදීම සහ ශාස්ත්‍ර පීඨයට කැරලි මර්දන ඒකක නිලධාරීන් ඇතුළුවීමට විරෝධය පා කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද සංවිධාන කළ විරෝධතාවට ද පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.

අද දිනයේත් කොළඹ විශ්වවිද්‍යාල සිසුන් සහ අන්තරේ එකතු වී අරගලයක නිරත වුණා.  

අද මෙම විරෝධතාවයට රාජකීය සහ තර්ස්ටන් විද්‍යාලවල පාසල් වල ප්‍රාථමික සිසුන්ද මැදි වූ අතර ඔවුන්ට කඳුළු ගෑස් වලට නිරාවරණය වීමට සිදු විය.

ඔවුන්ට එලෙස අරගලයට මැදි වීමට සිදු වූයේ පාසල් නිමවී නිවෙස් බලා යාමට සිටින අවස්ථාවේදීයි.

එහිදී බස් රථ වල සිටි ඇතැම් සිසුන්ද පොත් කොළ වල විරෝධතා පාඨ ලියා සරසවි සිසුන්ගේ අරගලයට දක්වා තිබුණේ. අදාළ වීඩියෝව පහතින්,   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now