අන්තරේ පා ගමනට ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල වූ අවස්තාව - සිසුන් පිරිසක් අත්අඩංගුවට..(VIDEO)
Sri Lanka
Inter University Students Federation
Sri Lanka Anti-Govt Protest
By Sithumi
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ආරම්භ කළ විරෝධතා පාගමනට යුනියන් පෙදෙසේදී ජල සහ කදුලු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා. අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම, බඩුමිල අඩු කිරීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද පස්වරුවේ කොළඹ ලිප්ටන් වට රවුමෙන් මෙම පාගමන ආරම්භ කළා.
පසුව ඔවුන් පාගමනින් පුරහල ඔස්සේ කොම්පඤඤ්වීදිය ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී පොලිසිය මාර්ග බාධක යොදා ජල සහ කදුලු ගෑස් ප්‍රහාර එල්ල කළා. විරෝධතාවට එක්ව සිටි පිරිස යුනියන් පෙදෙසේ මාර්ග අවහිර කිරීමත් සමග පොලිසිය මෙලෙස ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරය එල්ලකර ඇතැයි සඳහන්.
මෙහිදී විරෝධතාවට එක්ව සිටි සිසුන් කිහිප දෙදෙනෙකු පොලිස් භාරයට ද ගත් බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |