පුද්ගලයෙකුගේ වෘෂණ කෝෂයක් කපා දැමීමෙන් බරපතල තුවාල ලබයි..

Sri Lanka Police Sri Lanka
By krishani May 01, 2023 08:22 AM GMT
Report

බෙංගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගේ එක් වෘෂණ කෝෂයක් කපා දැමීම හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

මෙසේ බරපතල ලෙස තුවාල ලබා ඇත්තේ, බෙංගමුව,දාබෝගල පාර පදිංචි සිටීන 53 හැවිරිදි අවිවාහක පුද්ගලයක් බවයි.

තුවාලකරු නිවස ආසන්නයේ නිවසක තවත් පිරිසක් සමග මත්පැන් පානය කර නිවසට යන බවට පවසා පිටත්ව ගොස් ඇත.

පසුව මත්පැන් පානය කළ නිවසේ පුද්ගලයන් පසු දින උදෑසන අවදිව දොර විවෘත කිරීමේ දී නිවසට යන බවට පවසා ගිය එම පුද්ගලයා සිහි මුර්ඡාව නිවසේ ඉදිරිපස වැටී සිට ඇත.

අනතුරුව නිවෙස් හිමියා තුවාලකරුගේ ඥාතීන් දැනුවත් කර 1990 සුවසැරිය ගිලන්රථයට දැනුම් දී තිබෙනවා.

තුවාලකරු ඌරුබොක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join