දරුවන් අතර පැතිර යන වෛරස් රෝග තත්ත්වයක වැඩිවීමක් - රෝග ලක්ෂණ හා පාලනය ගැන විශේෂඥයින්ගෙන් විශේෂ දැනුම්දීමක්..!

Sri Lanka Ministry of Health Sri Lanka Face Mask Virus
By Sewvandhi Jun 13, 2022 12:33 PM GMT
Report

මේ දිනවල කොළඹ සහ අවට ප්‍රදේශවල ඉන්ෆ්ලුවන්සා රෝගී දරුවන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි. ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසා සිටියේ, විශේෂයෙන් පාසල් දරුවන් අතර හා පෙර පාසල් දරුවන් අතර එම රෝග ලක්ෂණ වැඩි වශයෙන් දක්නට ඇති බවය.

මෙම රෝග තත්ත්වය ඉක්මනට පැතිරීමට හැකි බැවින් දරුවෙකුට ඉන්ෆ්ලුවන්සා රෝග ලක්ෂණ ඇත්නම් නිවසේ තබා ගන්නා ලෙසත් පැවසු වෛද්‍ය දීපාල් පෙරේරා මහතා, නියමිත මාත්‍රාව අනුව පමණක් පැරසිටමෝල් ලබාදෙන ලෙසත් පැවසීය.

ස්වභාවික දියර ආහාර හා විවේකය ලබාදීම මඟින් එම රෝගී තත්ත්වය ඉක්මනින් සුව කරගත හැකි බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

"මෙතන දී රෝග ලක්ෂණ විදියට උණ, ඇඟපත රිදීම, කැස්ස, හෙම්බිරිසාව වගේ රෝග ලක්ෂණ තමා මුලිකව දකින්නේ. සමහර ළමයි අපි දැක්කා උණයි, ෆිට් එක පවා හැදිලා ඇවිල්ලා ඉන්නවා. හෙම්බිරිසාව, කැස්ස, උණ තියෙද්දි අපි පහුගිය කාලයේ හිතුවේ කොවිඩ් කියලා. හැබැයි මේ දවස්වල ඉන්ෆ්ලුවෙන්සා පැතිරෙන්න පටන් අරන් තියෙනවා. ඒක නිසා ඒ ගැන දැනුවත් වෙන එක හොඳයි. මොකද ඉතාම ලේසියෙන්ම ඉන්ෆ්ලුවන්සා පැතිරෙන්න පුළුවන්. දුරස්ථභාවය තවදුරටත් තබාගන්න. අත්දෙක සෝදන එක. ළමයි පන්තිවල තවදුරටත් මාස්ක් එක දානවානම් හොඳයි. පාරේ යද්දි මාස්ක් එක නොදැම්මට පන්තිවලදි, මොන්ටිසොරියේ දී, දිවා සුරකුම් මධ්‍යස්ථානවල දී, රෝහල්වල දී විශේෂයෙන්ම මුඛ ආවරණ දැම්මොත් හොඳයි කියලා අපි හිතනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now