මෙරට දරුවන් අතරේ භයානක රෝගයක් පැතිර යයි..දැඩි අවධානයෙන් සිටින්න..
Sri Lanka
By Aruna
ඉන්ෆ්ලුවන්සා රෝගය දරුවන් අතරේ වැඩියෙන් පැතිර යන ප්‍රවණතාවක් මතුව ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රධාන පුවත්පතකට ප්‍රකාශ කර තිබෙනවා.
උණ,කැස්ස, වමනය සහ සෙම්ප්‍රතිශ්‍යාව ඉන්ෆුලුවන්සා රෝගයේ ප්‍රධාන ලක්ෂණ බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා වැසි සහිත කාලගුණය සහ සීතල රෝගය පැතිර යාමට ප්‍රධාන හේතුවක් බවද ප්‍රකාශ කළේය.
මෙවැනි රෝග ලක්ෂණ සහිත දරුවන් සිටී නම් පාසල් සහ දිවා සුරකුම් මධ්‍යස්ථානවලට යොමු කිරීමෙන් වළකින ලෙස දීපාල් පෙරේරා මහතා මවුපියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
විශේෂයෙන්ම මෙම රෝග ලක්ෂණ පවුල අතර පැතිර යා හැකි බවද ඔහු කීවේය.
මේ අතර දරුවන් අතරේ කොව්ඩ් රෝගය පැතිරීමේ පැහැදිලි අඩුවක් දක්නට ඇතැයි විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |