මෙරට උද්ධමනය තවත් ඉහළට - මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්..!

Central Bank of Sri Lanka Sri Lanka Sri Lanka Inflation
By Sewvandhi Jul 21, 2022 03:31 PM GMT
Report

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත ජුනි මාසයේ උද්ධමනය 58.9%දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. 

එය මැයි මාසයේ පැවතියේ 45.3%ක් ලෙසටයි. මහ බැංකුව සඳහන් කළේ උද්ධමනය මෙලෙස ඉහළ යාම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම මිල ගණන්වල සිදුවූ මාසික ඉහළ යාම් හේතුවූ බවයි.

මේ අනුව ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මැයි මාසයේ පැවති 58.0% සිට ජුනි මාසයේදී 75.%8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මැයි මාසයේ පැවති 34.2% සිට ජුනි මාසයේදී 43.%6 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGallery