මෙරට උද්ධමනය පහළ යයි..මාර්තු මාසයේ සිදුවූ දේ මෙන්න..
Sri Lanka
Sri Lanka Inflation
By Aruna
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මාර්තු මස සමස්ත උද්ධමනය සියයට 50.3 ක් දක්වා පහත වැටී ඇතැයි ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසනවා.
මාර්තු මස ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 47.6 ක් දක්වා ද, පහත වැටී ඇති බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව කියයි.
පෙරවාරි මස සමස්ත උද්ධමනය සියයට 50.6 ක් ද, එම මස ආහාර උද්ධමනය සියයට 54.4 ක් ද, වූ බවත් ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 50 ට අඩු ප්‍රතිශතයකට පත්ව ඇත්තේ පසුගිය වසරේ අප්‍රේල් මාසයෙන් පසුව බවත් එම දෙපාර්තමේන්තුව කියයි.
පෙරවාරි මස සියයට 48.8 ක්ව පැවැති ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 51.7 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් නිවාස, ජල, විදුලි සහ ගෑස් උප කාණ්ඩයේ උද්ධමනය සියයට 24.3 සිට සියයට 42.3 ක් දක්වා වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බවත් ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |