සහය කාහටද..? ස්වාධීන වූ පක්ෂ 9යේ නියෝජිතයින් වෙන වෙනම ජනපති අපේක්ෂකයන් හමුවීමට සැරසේ..! TNA තීරණය 19 වනදා..
ගෝඨාභය රාජපක්ෂ ධුරයෙන් ඉවත්වීමත් සමඟ පුරප්පාඩු වූ ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයින් සමඟ වෙන් වෙන්ව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු බව ආණ්ඩුවෙන් ඉවත්වී ස්වාධීන වූ පක්ෂ නවයේ නියෝජිතයින් පවසනවා.
එම පක්ෂ නවයෙහි නායකයින් අතර හමුවක් ඊයේ (15) රාත්‍රියේ පැවැත්වුණේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේයි. එහිදී රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා.
මේ අතර දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් සඳහන් කළේ ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීමේදී සහය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙතෙක් තීරණක් ගෙන නොමැති බවයි.
කෙසේ වෙතත් දෙමළ ජාතික ජනතා සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් සඳහන් කළේ ජනාධිපති ධුරය සඳහා ලබන 20 වනදා පැවැත්වෙන ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින බවයි.
මේ වනවිට පුරප්පාඩු වී ඇති ජනාධිපති ධුරය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වන බවට ප්‍රකාශ කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |