ආරක්ෂක හේතුවක් මත නැවත දැනුම්දෙන තුරු වීසා මධ්‍යස්ථානයක් හදිසියේ වසාදැමේ..!

Sri Lanka Sri Lanka visa
By Sewvandhi Feb 15, 2023 11:44 AM GMT
Report

ආරක්ෂක හේතුවක් මත කොළඹ පිහිටි ඉන්දීය වීසා මධ්‍යස්ථානය නැවත දැනුම්දෙන තුරු වසා දමා ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

එම ආරක්ෂක සිදුවීම ඊයේ (14) රාත්‍රී සිදුවී තිබුණි. ඒ හේතුවෙන් වීසා හමුවීම් සඳහා නිකුත්කර තිබු වේලාවන් වෙනස් වෙන බව එම නිවේදනයේ දැක්වෙයි.

හදිසි කොන්සියුලර් සහ වීසා කරුණු සම්බන්ධයෙන් මහ කොමසාරිස් කාර්යාලය දුරකථනයෙන් අමතන ලෙස ද එම නිවේදනයෙහි දැක්වෙයි.


    සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now