කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් රත්රන් තොගයක් ඉන්දීය රේගු භාරයට..

India
By krishani Apr 01, 2023 05:42 AM GMT
Report

කේරළයේ - කෝලිකූඩ් ගුවන් තොටුපලේ දී නීතිවිරෝධීව රැගෙන යාමට තැත් කළ ඉන්දීය රුපියල් කෝටි දෙකකට අධික රත්‍රං තොගයක් ඉන්දීය රේගු බුද්ධි අංශ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ ලද තොරතුරකට අනුව ය.

අවස්ථා හතරක දී සොයාගත් මෙම රත්‍රං තොගයේ බර කිලෝග්‍රෑම් තුනහමාරකට අධික වන අතර අත්අඩංගුවට ගත් පුද්ගලයින් හතරදෙනෙකු මෙම රත්‍රං තොගය කරල් ලෙස සකස් කර තම සිරුරු තුළ  සඟවාගෙන යෑමට උත්සහ කර ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join