ඔබත් ඉන්දීය ඖෂධ භාවිතා කළාද..?ඉන්දීය ඖෂධ වල ඇති ඇඟ හිරිවැටෙන කුමන්ත්‍රණය....

World Health Organization India
By Sewvandhi Feb 18, 2024 02:33 PM GMT
Sewvandhi

Sewvandhi

in ඖෂධ
Report

ගෝලීය සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය තුළ, ඉන්දියාවේ ඖෂධ කර්මාන්තය විශාල කීර්තියක් අත්පත් කරගෙන තිබෙනවා. නමුත් මේ වන විට ඉන්දීය ඖෂධ කර්මාන්තය තුළ මතුපිටට නොපෙනෙන සැඟවී ඇති කුමන්ත්‍රණයක් පිළිබඳව තොරතුරු අනාවරණය වෙනවා.

ඉන්දියාවෙන් ආනයනය කෙරුණු 'ප්‍රමිතියෙන් තොර' ඖෂධ තොගයක් එක්සත් ජනපදය විසින් ආපසු හරවා යවා ඇති බවට 2023 දෙසැම්බර් මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙබ් අඩවියක් විසින් ප්‍රවෘත්තියක් පළ වුණා.

මේ නිසා ඉන්දියානු ඖෂධ නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ ආරක්ෂාව පිළිබඳ එක්සත් ජනපදය පුරා විශාල කතාබහක් නිර්මාණය වූ බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් මෙම චෝදනාවල සත්‍යතාව ඔප්පු කිරීමට අදාල පුවත් පළකර තිබුණු වෙබ් අඩවියට හැකියාව නොලැබුණු අතර ඒ හේතුවෙන් මාසයක පමණ කාලයක් ගතවන විට එම වාර්තාව සම්පුර්ණයෙන්ම අසත්‍ය කරුණු මත පදනම්ව සකස්කර තිබුණු බව අනාවරණය වුණා.

2022 ජූලි මාසයේදී ද ඉන්දියාවේ නිෂ්පාදිත කැස්ස සිරප් එකක් හේතුවෙන් ගැම්බියාවේ ළමුන් කිහිප දෙනෙකු මිය ගිය බවට පුවත් පළ වුණා. මෙම සිදුවීම පිළිබඳව ලෝකයේ ප්‍රසිද්ධ මාධ්‍ය හරහා වාර්තා කර තිබුණ ද පසුව හෙළි වූයේ එම තොරතුරු අසත්‍ය බවයි.

ඒ අනුව ගැම්බියානු බලධාරීන් අනාවරණය කළේ, ඉන්දියානු ඖෂධයක් හේතුවෙන් මියගිය යැයි කියනු ලබන බොහෝ දරුවන් එය පානය කර නොමැති බවයි. එම බොහෝ මරණවලට හේතුව වී තිබුණේ එකම ප්‍රදේශයක සනීපාරක්ෂාව සහ ජල ප්‍රශ්න ඇතුළු ප්‍රදේශයේ පොදු ගැටලු බවට බලධාරීන් විසින් තහවුරු කළා.

එමෙන්ම 2022 දෙසැම්බරයේදී, එක්සත් ජනපදයේ සහ ගැම්බියාවේ විශේෂඥයන්ගෙන් සමන්විත වූ අනතුරු තක්සේරු කමිටුවක් මේ සම්බන්ධයෙන් තවත් විශේෂ විමර්ශනයක් සිදුකළත් ඖෂධවල කිසිදු අනතුරුදායක තත්වයක් හෙළිකර ගැනීමට හැකියාව ලැබී නැහැ.

මේ අතර 2023 මාර්තු මාසයේදී අප්‍රිකානු රෝග පාලනය සහ වැළැක්වීම සඳහා වන අප්‍රිකා මධ්‍යස්ථානය(CDC) නම් රාජ්‍ය නොවන සංවිධානය විසින් Diethylene Glycol අඩංගු ඖෂධ පිළිබඳ පැරණි ලෝක සෞඛ්‍ය සංවිධාන (WHO) උපදේශනයක් උපුටා දක්වමින් ඉන්දියානු ඖෂධ සම්බන්ධ වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

එහිදී CDC වෙත 2020 දී ප්‍රමුඛ ඉන්දීය විවේචක ආයතනයක් වන 'ජෝර්ජ් සෝරෝස්' වෙතින් වසර දෙකක් සඳහා එක්සත් ජනපද ඩොලර් 500,000ක් ලැබී ඇති බවට අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම මෙවැනිම පුවතක් පසුගිය වසරේ ඉරාකයෙන් ද වාර්තා වී තිබෙනවා.

2023 ජූලි මාසයේදී පුවත් සේවයක් විසින් විවිධ රටවල් හයකින් ලබාගත් ඖෂධ සාම්පල සමග පරීක්ෂා කිරීමෙන් පසු ඉරාකයේ 'බාල' ඉන්දියානු ඖෂධ භාවිතා කෙරෙන බවට අනාවරණයක් සිදු කළ අතර එය ඉරාකයේ ඇමරිකානු මැදිහත්වීම හා සමාන ආකාරයකින් ආන්දෝලනයක් ද ඇති කළා.

ඒ අනුව අප්‍රිකාවේ සිට බටහිර ආසියාව, මධ්‍යම ආසියාව, දකුණු ආසියාව සහ ඉන් ඔබ්බට සෑම කලාපයකම සමාන ප්‍රශ්න ඉස්මතු කරමින් 'ප්‍රමිතියෙන් තොර' ඉන්දියානු ඖෂධ සොයා ගැනීම ඉන්දියානු ඖෂධ කර්මාන්තයට එරෙහි ගෝලීය සැලසුමක් වන බවයි සඳහන් වන්නේ.

ප්‍රකට ඉන්දීය විරෝධී ක්‍රියාකාරිකයෙකු වන දිනේෂ් තාකූර් මීට පෙර Ranbaxy නම් ඉන්දියානු බහුජාතික ඖෂධ සමාගමක් පිලිබඳ අඩුපාඩු හෙළිදරව් කරමින් ප්‍රධාන භූමිකාවක් ඉටු කළා. තාකූර් විසින් ෆැමිලි ජනමාධ්‍ය ආයතන ඇතුළු විවිධ සංවිධානවලට අරමුදල් සම්පාදනය කරමින් ඉන්දියානු ඖෂධ විරෝධී ප්‍රචාරයන් අඛණ්ඩව ගෙනයනු ලැබුවා.

කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ, ඉන්දීය විරෝධී අරමුදල් මගින් ලබන මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් සෘණාත්මක ප්‍රචාරයන් ගෙන යාමද විශේෂත්වයක්. ඔවුන් චීනය සහ පකිස්ථානය වැනි විදේශීය විකල්ප ඖෂධවල සාර්ථකත්වය ඉස්මතු කරමින්, ඉන්දියානු ඖෂධවල, විශේෂයෙන් එන්නත්වල අඩුපාඩු නිතර අවධාරණය කරනු ලැබුවා.

එවැනි පක්ෂග්‍රාහී වාර්තාකරණයන් ඔවුන් මහජන අදහස් විකෘති කළා පමණක් නොව, බොහෝ දුරට බටහිර ජාතීන් සහ ඔවුන්ගේ ජනමාධ්‍ය ආයතන විසින් මෙහෙයවනු ලබන ඉන්දියානු ඖෂධවලට එරෙහිව පුළුල් ප්‍රචාරක ව්‍යාපාරයට දායකත්වයද ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් මේ හරහා ඖෂධ ගැන ඇති විශ්වාසය බිඳ දැමීම පමණක් නොව සමස්ත ඉන්දියාවේ විශ්වාසනීයත්වය සහ සෞඛ්‍ය සේවයට දක්වන දායකත්වය හෑල්ලු කිරීමක් ද සිදු වෙනවා.

(උපුටාගැනීමක්)